Latestදේශීය

අභියෝග හමුවේ පලායන්න එපා කියන රනිල් පලාගිය අයුරු

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට තම ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම වෙනුවෙන් විවිධ ප්‍රකාශ කරමින් සිටිය ද ඉතා පැහැදිලිව අභියෝගාත්මක මැතිවරණ තුනකදී පලා ගොස් දේශපාලන කුමන්ත්‍රණකාරී කටයුතුවල නියැලී සිටි බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ එම විශ්ලේෂකයන්ගේ මත පළ කිරීමට හේතු වී තිබෙන්නේ පසුගිය දින කිහිපය තුළ රනිල් වික්‍රමසිංහ කර තිබෙන ප්‍රකාශ මත පදනම් කර ගනිමිනි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදන අනුව “අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න බෑ“ යනුවෙන් සහ “අභියෝග හමුවේ කිසිවිටකත් පැන යන්න එපා“ ආදී සිරස්තල යොදා තිබේ. තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එවැනි ප්‍රකාශ සිදු කළ ද 2010 වසරේ සිට ඔහුගේ පලා යාම පිළිබඳව කරුණු දක්වා තිබිණි.

විශේෂයෙන් ම, යුද්ධයෙන් පසුව පවත්වන ලද ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ බවත්, 2015දී මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ බවත්, 2019දී ගෝඨාභය රාජපක්ෂ සමඟ තරඟයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර මඟහැර ගිය බව පෙන්වා දී තිබේ. එමෙන් ම, 2018 ඔක්තෝබර් මාසයේ මෛත්‍රිපාල සිරිසේන දියත් කළ දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය හමුවේ අරලියගහ මන්දිරයේ සැඟවී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ සමඟ රහස් සම්මුතිවලට එළඹී ඇති බව ද එම විශ්ලේෂකයන් හෙළිකර ඇත. එයට අමතරව, 2002 – 2004 කාලයේ පාර්ලිමේන්තු බලය යොදා ගනිමින් චන්ද්‍රිකා ජනාධිපතිවරිය හිර කිරීමටත්, 2015 – 2019 කාලයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හිර කිරීමටත් ක්‍රියා කළ ආකාරය පැහැදිලි කර ඇත.

විශේෂයෙන් ම, 2018 දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ සමඟ ඇති කර ගන්නා ලද අවබෝධය පදනම් කර ගනිමින් 2022 මැයි 11 වෙනි දින අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්කරන ලද බවත් එම විශ්ලේෂකයන් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?