ඉන්දීය ධීවරයින් 22ක් අත්අඩංගුවට
(ප්‍රදීප් කුමාර)
නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.
විදේශීය ධිවර යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධිවර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දියානු යාත්‍රා සමඟ ධිවරයින් පිරිස මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එහිදී මෙම යාත්‍රා හා ධිවරයින් මෙරට නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සදහා මයිලඩි ධිවර පරීක්ෂක කාර්යයාලයට භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

