චීන-ප්‍රංශ අධ්‍යාපන සංසදය පැරීසියේදී
චීන-ප්‍රංශ උසස් අධ්‍යාපන සංසදය පැරිස් නුවර දී පැවැත්වෙයි. චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රංශ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ එය 21 වැනිදා පැවැත්විණ.
දෙරට විශ්වවිද්‍යාල අතර හුවමාරු පුළුල් කිරීම මෙන්ම අධ්‍යාපනය සහ විද්‍යාත්මක පර්යේෂණ හා කර්මාන්ත වැනි අංශ අතර පවතින සහයෝගිතා ශක්තිමත් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණු අතර වන බව චීන අධ්‍යාපන අමාත්‍ය Huai Jinpeng එහිදී කියාසිටියේය. චීන-ප්‍රංශ සමස්ත අධ්‍යාපන සහයෝගිතාවයේ ප්‍රශස්ත මට්ටමක් එමගින් සාක්ෂාත් කෙරෙනු ඇත.
ප්‍රංශයේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ ඇමතිනි Sylvie Retailleau එහිදී ප්‍රකාශ කළේ මෙම සංසදය දෙරට අතර අධ්‍යාපන සහයෝගිතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බවයි. විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව මෙන්ම දෙරට අතර ශිෂ්‍ය සහ විද්වත් හුවමාරු සාර්ථකව මෙහෙයවීමට පියවර ගන්නා බව ද ඇය කියාසිටියාය.
සංසදයට එක් ව සිටි දෙරට විශ්වවිද්‍යාල නියෝජනය කරන කණ්ඩායම් දේශගුණික විපර්යාස සහ සංවර්ධනයේ සමතුලිතතාව වැනි මාතෘකා පිළිබඳව එහිදී සාකච්ඡා කළහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

