Latestදේශීය

ජනාධිපතිවරණයෙන් පසු පක්ෂ නායකත්ව ගැටලුව අවසන් – විජයදාස රාජපක්ෂ

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක් වූ සභාපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ කොට්ඨාශ නියෝජිත හමුව ඊයේ පැවැත්වුණේ පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වාරණයට ලක්වූ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. 

“ජනාධිපතිවරණයට එනවා. අපි දිනනවා. ඊට පසසේ මට විරුද්ධව ආපු නඩු ටික ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ වෙනවා. එතකොට පක්ෂ නායකත්වය ගැන ගැටලු එන්නේ නෑ. පක්ෂයේ නායකත්වය සහ ‍තනතුරු දරනවා කියන අය‍ මේ මහනුවරට ආවොත් එහෙම ගහලා පන්නනවා කිව්වා පාක්ෂියෝ. පාක්ෂිකයෝ යහතින් ඉන්නවා. අර පැනපු කණ්ඩාමේ අය 10ක් 12ක් එයාලගේ මඩි තර කර ගන්න පක්ෂය පවා දෙන්න උත්සහ කරනවා.”

අත සලකුණ නැතුව යන්න පුළුවන් ද?

“ඡන්දයක් ආවාම ගොඩක් වෙලාවට ඉල්ලුවේ වෙන ලකුණු වලින්. පුටුවෙන්, බුලතින්, හංසයාගෙන්, පොහොට්ටුවෙන්. එතකොට මේ මැතිවරණයට පසු ගිය දශකයේ ලාංඡන ගැලපෙන එකක් නෑ. අපි අලුත් ලාංඡනයක් හඳුන්වා දෙනවා.”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *