Latestක්‍රීඩා

වසර 10කට පසු දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වුණි.

ඒ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරය. ඉන් ඉතා තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව කොදෙව්වෝ පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තේය.

රොස්ටන් චේස් ලකුණු 52යි. තබ්‍රයිස් ෂම්සි කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ දෙවන ඉනිමට අයහපත් කාළගුණයෙන් බාධා එල්ල වූ අතර ජයග්‍රහණය වෙනුවෙන් දකුණු අප්‍රිකාවට පන්දු වාර 17 කදී ලකුණු 123ක ඉලක්කයක් හිමිවිය.

දෙපසටම දෝලනය වූ තියුණු තරගයක් වූ මෙම තරගය අවසන් වූයේ දකුණු අප්‍රිකාවට කඩුලු 3ක ජයක් හිමි කර දෙමින්ය. පන්දු වාර 16.1 කදී අදාළ ඉලක්කය සපුරා ගත් අප්‍රිකාව වෙනුවෙන් ස්ටබ්ස් ලකුණු 29ක් ලබා ගත්තේය. රොස්ටන් චේස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා තබ්‍රයිස් ෂම්සි 3/27.

ඒ අනුව දස වසරකට පසු දකුණු අප්‍රිකාව T20 ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය.

@ දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?