විශාල ග්රහකයක් පෘතුවිය අසලින් ගමන් කරයි
මීටර් 27 ක් පළල දැවැන්ත ග්රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාව් නාසා ආයතනය පවසා ඇත.
එසේ වුවත්, ග්‍රහකයේ ගමන් මඟ කිසිදු හේතුවක් නිසා වෙනස් නොවනු ඇති බවත්, පෘථිවිය එයින් කිසිදු අනතුරක් සිදු නොවනු ඇති බවත් නාසා ආයතනයේ විද්‍යාඥයෝ සහතික වූහ.
තාරකා විද්‍යාඥයන් මෙම ග්රහකය නම් කර ඇත්තේ ‘2024කේ.එන්.1’ යනුවෙනි. ග්රහකය පෘථිවිය අසලින් යනු ඇතැයි පැවැසෙන්නේ, පැයට කිලෝ මීටර් 16,500 ක වේගයකිනි.

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

