Latestදේශීය

සිරගතවීමේ ප්‍රතිශතය සීග්‍රයෙන් ඉහළට

මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම්වලට අදාළව 2021 වසරේදී 1,202ක්, 2022 වසරේදී 3,956 දෙනෙකුත්, 2023 වසරේදී 5,687 දෙනෙකුත් සිරගත කර තිබේ.

ඒ අනුව එය 2021 වසරට සාපේක්ෂව සියයට 44ක කැපී පෙනෙන වර්ධනයකි.

එමෙන්ම 2021 වසරේදී සොරකම් සහ මංකොල්ලකෑම්වලට අදාළව  කාන්තාවන් 19 දෙනෙකු සිරගත වී ඇති අතර 2022 වසරේදී එය 49 දක්වාත් 2023 වසරේදී 61 දක්වාත් ඉහළ ගොස් තිබුණි.

පුද්ගලයන් නොමග යවා රවටමින් මුදල් පැහැරගැනීමේ සිද්ධිද මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *