එංගලන්තය අවසන් පූර්ව වටයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර ඊයේ (23) පැවැති තරගය ජය ගැනීමට එංගලන්තය සමත් විය.
ඒ කඩුලු 10ක ජයක් වාර්තා කරමිනි.
කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දීමටය.
ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 18 යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණූ 115ක් ලබා ගත්තේය.
ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු ඕවර 9.4කදී කිසිවෙක් නොදැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
නායක ජොස් බට්ලර් නොදැවී ලකුණු 83යි.
මෙම ජයග්‍රහණයත් සමගම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට එංගලන්තය පත්විය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

