Latestවිදේශීය

රුසියාවට ප්‍රහාරයක්

රුසියානු පාලනය යටතේ පවතින ඩැගෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය.

එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයකට හා පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බවට සැක පළ කෙරේ.

ඩැගෙස්තාන් කලාපයට මීට පෙරද ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර එල්ල විය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *