Latestදේශීය

ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට

උතුරු මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වීමේ දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 10දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් තිබේ.

එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ දී සිදුවූ අනතුරකින් නාවික හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අනතුරින් මියගියේ 40 හැවිරිදි වියේ පසුවූ නාවික හමුදා විශේෂ බලඝනයේ නාවිකයෙකි.

යාපනය කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්ෂණය කර ඒම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණේ අද (25) අලුයම් කාලයේදීය.

උතුරු නාවික විධානයේ වේග ප්‍රහාරය යාත්‍රා යොදාගෙන එම මෙහෙයුම සිදුකර තිබුණි.

එහිදී අනවසර ධීවර කටයුතුවල නිරත වී සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා භාරයට ගැණුනි.

නාවික හමුදාව පැවසුවේ එම අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දීය ධීවරයින් කලහකාරී හා අනතුරුදායක ලෙස සිය යාත්‍රාව හසුරවීමට කටයුතු කිරීමේදී නාවික හමුදා විශේෂ බලඝනයේ නාවිකයෙකු බරපතළ තුවාල ලැබූ බවය.

එම අවස්ථාවේ දී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැළකිය යුතු හානියක් සිදුව ඇති බව නාවික හමුදාව නිවේදනය කළේය.

අනතුරුව තුවාලකරුව ගොඩබිමට රැගෙන විත් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් මියගියේ කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නාවික හමුදා විශේෂ බලඝනයේ නාවිකයෙකි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *