Latestදේශීය

ගොවීන්ට නොමිලේ බන්ඩි පොහොර ලබා දෙනවා – මහින්ද අමරවීර

2024/25  මහ කන්නය හා 2025/26 මහ කන්නය යන කන්න දෙක තුළ  ශ්‍රී ලංකාවේ සියලුම වී වගා කරන ගොවිජනතාවට නොමිලයේ MOP හෙවත් බන්ඩි පොහොර ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙතින් රජය කළ කරන ලද ඉල්ලීමක් පරිදි බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ප්‍රමාණයක් මේ අනුව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

මේ පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින තිස්සමහාරාම ප්‍රදේශයේ  දී පැවැති රැස්වීමක දී අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම පොහොර බෙදාහැරීම වැනි කටයුතු සඳහා රුපියල් බිලියන එකහමාරක පමණ මුදලක් වැය වන බවත් එම මුදල රජය විසින් දැරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

එසේම මෙම කටයුතු සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දැන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *