Latestදේශීය

බන්ඩාරනායක මැරුවා, මාව නොමරා මරනවා – මෛත්‍රිපාල සිරිසේන

(අසේල කුරුළුවංශ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා එදා ඝාතනය කළ බවත් අද ඇතැම් පිරිස් තමන්ව ඝාතනය නොකර නොමරා මරන බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. කාදිනල් උන්නාන්සේ සහ දේශපාලන කණ්ඩායමක් විසින් මෙය සිදු කරන බව ද ඒ මහතා කීය. මහනුවර ඊ. එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පෙරේදා (23) පැවැති ශ්‍රිලනිප පාක්ෂික හමුවකින් අනතුරුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසුවේය.

දැන් අවුරුදු පහක් තිස්සේ මාව නොමරා මරන්න මේ අය කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරය කරන්න මම බෝම්බ හැදුවද? ආයුධ දුන්නද? මේකට සම්බන්ධ සැකකරුවන් එකසිය හැට ගණනක් දැන් බන්ධනාගාරයේ ඉන්නවා. කාදිනල්තුමා හෝ දේශපාලනඥයෝ මේවා ගැන කතා කරනවද ? අද අපිට විරුද්ධව එක එක දේශපාලන පිස්සෝ නොයෙක් දේවල් කියනවා. තව මාස දෙකකින් ජනාධිපතිවරණය තිබ්බට පස්සේ ඔය සද්ද සියල්ලම ඉවරයි. ඔය කෑ ගහන අය පස්ස බිම ඇනගෙන තමයි අන්තිමට නතර වෙන්නේ. වැටවල් ගහලා කටවල් වහන්න බැහැ. ඒ නිසා මේ මාස දෙකේ ඔය අය ඕන දෙයක් කියපු දෙන්. පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට වාරණ නියෝග පමණයි ලබා දී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දු ලබා දී නැහැ. ඉදිරියේ දී මේ නඩු අභියාචනා අධිකරණයට වගේම ශ්‍රේෂ්ඨාධිකරණයටත් යොමු වේවි. අවසානයේ කවුද හරි කියලා තීන්දු වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථානුකූලව තිබෙන්නේ අපේ අතෙයි. ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්න කෑල්ලට පක්ෂයේ කිසිම අයිතියක් නැහැ. ඒ අය සභාපති ලේකම් තනතුරුවලට පත්වෙලා ඉන්නේ පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව නොවෙයි. ඔය තනතුරු සියල්ල ඉදිරියේ දී බලශූන්‍ය වේවි. එතෙක් ඉවසලා ඉන්න කියලා මම පාක්ෂිකයන්ට කියන්න කැමතියි. අපි මෙවර ජනපතිවරණයට පක්ෂයෙන් විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා යැයිද කීවේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *