Latestදේශීය

උසාවි තීන්දුවක් නැතුව වත්කම් පවරාගත හැකියි – විජයදාස රාජපක්ෂ

(බුද්ධිකා ඉඹුලාන සහ ජයසිරි මුණසිංහ)

අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් වී ඇති අතර නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නැතිව වුවත් එවැනි වත්කම් පවරා ගත හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.

අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමෙන් ප්‍රශ්න බහුතරයකට විසඳුම් ලැබෙන අතර ඒ මඟින් හෝ මේ රටේ දූෂණය නතර කළ යුතු යැයි ද ඇමැතිවරයා කීය.

දින හතරක් පුරා පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශනයට (2024) සමගාමීව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයක් ඊයේ (23) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණු අවස්ථාවේදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

ඇතැම් අයගේ වත්කම් ලැබුණු ආකාරය සාමාන්‍ය ක්‍රමයට හොයන්න බැහැ.අලුත් නීති අනුව ඒ අය ඔප්පු කළ යුතුයි. වත්කම් ඉපැයූ ආකාරය සාමාන්‍ය ක්‍රමය අනුව නීතිය ඉදිරියේ අපි ඔප්පු කළ යුතුයි. මුදල් ලැබුණු ආකාරය. නමුත් අලුත් ක්‍රමය අනුව වත්කම් ඉපැයූ අය තමයි එය ඔප්පු කළ යුත්තේ. එහෙම ඔප්පු කරන්න බැරි දේපළක් තිබෙනවා නම් එය රජයට පවරා ගන්නවා. නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නැතිව වුවත් එම වත්කම් පවරා ගත හැකියි. එහෙම හරි මේ රටේ දූෂණය නතර කළ යුතු යැයි ද ඇමැතිවරයා කීවේය.

සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ශෂිකා ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *