ඉලක්කය ජනාධිපතිවරණයට – අත කැබිනට්ටුවට
ඇමති මණ්ඩලයේ ඉතා හදිසි සංශෝධනයක් සිදු කිරීමට සූදානම් වන බව මේ වනවිට තහවුරු වී තිබේ.
අද රාත්‍රියේ ජාතිය අමතන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින 5 ඇතුලත තීරණාත්මක ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කර ජනාධිපතිවරණ කටයුතු වෙනුවෙන් සූදානම් වී සිටින බව හෙළිවේ. එම සංශෝධනයේ දී දිනේෂ් ගුණවර්ධනගේ අගමැති පදවිය දැඩි අවිනිශ්චිතතාවයකට ලක්ව ඇත. මෙයට පෙර හෙළිවී තිබුණේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ක්‍රියාශීලිව අගමැති ධුරයේ බලතල යෙදවිය හැකි පුද්ගලයෙකු හට එම ධුරය ලබා දිය යුතු බව ය.
ඇමති මණ්ඩලයේ වෙනසක් කිරීමට සූදානම් වන බව පිළිබඳව සති අන්තයේ මව්බිම පුවත්පත මුලින්ම හෙළිකර තිබිණි. අද (26) නිකුත් කළ තමිලන් පුවත්පත ද එහි වැඩි විස්තර හෙළිකර තිබිණි. රාජිත සේනාරත්නට සෞඛ්‍ය ඇමති ධුරය ලබා දී සරත් ෆොන්සේකා හට ප්‍රබල ඇමති ධුරයක් ලබාදීමට සූදානමක් පවතින බව එම ප්‍රවෘත්තියෙන් වාර්තා කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

