Latestදේශීය

බලපිටිය මල්ශාලා හිමිකරුවෙන් හර්ස් රථයක මරාදමලා

බලපිටිය, ආවාස වත්ත මංසන්ධියේ ඊයේ (25) රාත්‍රියේ හර්ස් රථයක් තුළ තිබී කැපුම් තුවාල සහිත මල්ශාලා හිමිකරුවෙකුගේ සිරුරක් හමුව තිබේ.

අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ, තෙල්වත්ත, මලවැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.පී. තුසිත කුමාර නැමති සිව්දරු පියෙක් බවය.

එම පුද්ගලයාගේ හිසට බරපතළ කැපුම් තුවාල සිදුව ඇතැයි ද පොලීසිය පැවසීය.

ඊයේ රාත්‍රී 11ට පමණ බලපිටිය ආවාස වත්ත මංසන්ධියේ හර්ස් රථයක් නතර කර ඇති බවත් එහි රියදුරු තුවාල සහිතව මියගොස් සිටිනු දැක ප්‍රදේශවාසීන් පොලීසිය දැනුවත් කර ඇත.

ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *