Latestදේශීයනවතම ලිපිමතවාද

එන්න බලන්න…..! සුභාරංචියේ තරම….!!

(පෝද්දල ජයන්ත)

බංකොළොත් බවෙන් අත්මිදීමේ සුභාරංචිය කියන දවස අදයි. අනුප්‍රාප්තික ජනාධිපති වික්‍රමසිංහ සිය ජනාධිපතිවරණය ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කරන අද දවසේ රටේ ඇත්ත තත්ත්වය කෙබදු ද ? මේ පුරසාරම , සෙපිපඩ විද්‍යාව කව්රුන් රැවටීම උදෙසා ද ?

ශ්‍රී ලංකාව සිය බංකොළොත් භාවය ප්‍රකාශ කරන විට තිබූ ඩොලර් බිලියන 82 ක් වූ සමස්ත රාජ්‍ය ණය කන්ද 2024 මාර්තු 31 පළමු කාර්තුව වනවිට ඩොලර් බිලියන 101.01 ඉක්මවා ඩොලර් බිලියන 19 කින් පමණ එකී ණය කන්ද තවත් මුදුන් වී තිබේ.

ඉහත ණය කන්ද තව තවත් ඉහළ යනවිට මේ වනවිට නොගෙවා පැහැර හැර ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.8 කි. එසේ ණය නොගෙවන තත්ත්වයක් තුළ ඩොලර් බිලියන 19 ක අලුත් ණය ප්‍රමාණයෙන් භාණ්ඩාගාරය සතුව ඇති සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.4 කි. එකී මුළු සංචිත ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 1.5 චීනයෙන් ලබා දෙන ලද ණය මුදලක ආරක්ෂිත තැන්පතුකි.

ඒ අනුව මේ මොහොතේ දී රට සතුව ඇති මුළු ශුද්ධ සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 4 කි. එසේ නම් රට බංකොළොත් භාවයෙන් අත්මිදුනා යැයි පුරසාරම් දෙසා බාන්නේ කෙසේ ද ?

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී රටේ අති මහත් වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය හිතේ හැටියට කපා දමා හෝ ගෙවීම් කල්දමා ඇතත් දේශීය ධන කුවේරයන් ගෙන් ලබා ගෙන ඇති බැදුම්කර ණය කපා දමා හෝ සැළකිය යුතු පොළිය ප්‍රතිශත අඩුකර ගැනීමක් සිදුකර නැත. ඒ අනුව ඩොලර් මිලියන 12,500 ක් ස්වෛරී බැදුම්කර ගැන කිසිදු එකගතාවකට මෙතෙක් පැමිණ නැත.

පසුගිය වසරේ ජුනි මාසය වනවිට රටේ ඇතැම් ව්‍යාපාරිකයෝ නොගෙවා පැහැර හැර ඇති සමස්ත බදු මුදල රුපියල් කෝටි 90,400 කිව තිබූ අතර එය 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 1,20,000 ඉක්මවා තිබේ. නොගෙවා පැහැර හැර ඇති මෙකී ණය මුදල් රජයට අයකර ගැනීමට ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැත. එසේ නම් රටක් ඉදිරියට ගෙන යන්නෙ කෙසේ ද ?

රුපියල් කෝටි ලක්ෂයකට කිට්ටු මුදලක බදු සහනයක් ආයෝජකයන් වෙත ලබා දී ඇතැයි ක්‍රම සහ විධි කාරක සභාවේ දී අනාවරණය වී තිබේ. මේ තරම් විශාල බදු සහන ලබා දී ඇත්තේ කවර ව්‍යාපාරිකයන් පිරිසකට දැයි හෙළිදරව් කරන්නේ ද නැත.

ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික රොත්තක් රටේ ජීවනාලිය බදු ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තබා ඇති ණය පොල්ල දහස් ගණනකි. එකී ණය කරුවන් කව්ද ? කොපමණ ප්‍රමාණයකින්ද යන්න හෙළිදරව් නොකරන අතර කාගේ ආශිර්වාදයෙන් එසේ ණය පැහැර හැර තිබෙන්නේ ද ?

රටේ රාජ්‍ය ආදායම් තත්ත්වය ඉහළ දා ගැනීමට කිසිදු සක්‍රිය ක්‍රමෝපායන් ක්‍රියාත්මක නොකරන ගමන් , තව තවත් දේශීය විදේශීය ණය කන්දේ ප්‍රමාණය අහස උසට යවමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බොරු සෙප්පඩ විද්‍යාවලට නොරැවටෙන ලෙස රටේ ජනතාවට අවධාරණය කළ යුතුව තිබේ…!

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *