Latestදේශීය

බඹර ප්‍රහාරයෙන් සිසුන් 30ක් රෝහල්ගත කෙරේ

මූතූර් පොලිස් වසමේ මූතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් ඊයේ (25) සවස පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති බවය.

එහිදී පාසලට යාබඳ නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පාසල් සිසුන්ට හා ගුරුවරයාට බඹරු දෂ්ඨ කර ඇත.

එහිදී සිසුන් 22ක් හා සිසුවියන් 8 දෙනෙකු මෙන්ම ගුරුවරයා ද මූතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *