Latestක්‍රීඩාදේශීය

ආසියානු කාන්තා ක්‍රිකට් 20/20 තරගාවලිය ජූලි 19 ඇරඹේ

(නිරෝෂාන් ප්‍රියංකර)

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන මස 19 වැනිදා දඹුල්ලේදී ආරම්භ වෙයි.

මේ තරගාවලියේ නිලකාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (25) නිකුත් කළ අතර, මින් පෙර කාලසටහන නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණත් තරග ආරම්භක වේලාවන් නිවේදනය කර නොතිබිණි.

මේ වසරේ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත බැවින් මේ තරගාවලියත් විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් 9 වැනි වරට පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේ තරග 19 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර, සියලුම දිනවල පස්වරු 2.00ට සහ රාත්‍රි 7.00ට තරගයක් බැගින් පැවැත්වෙනු ඇත.

කාණ්ඩ දෙකකින් පැවැත්වෙන මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් 26 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන අතර, අවසන් තරගය 28 වැනිදා පැවැත්වීමට නියමිතය. සියලු තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ආසියානු ශූරතාව 7 වරක් දිනා ඇති වත්මන් ශූරියන් වන ඉන්දියාව සමඟ පාකිස්තානය, එමීර් සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. වත්මන් අනුශූරියන් (2022) වන ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී 5 වරක් ශූරියන් වී තිබේ.

ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව ජූලි 20 වැනිදා රාත්‍රි 7.00ට පළමු තරගයට එක්වන අතර, 22 වැනිදා පස්වරු 2.00ට මැලේසියාවට සහ 24 වැනිදා රාත්‍රි 7.00ට තායිලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *