Latestක්‍රීඩාවිදේශීය

ඩක්වර්ත් – ලුවිස් නිර්මාතෘ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මියයයි

වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් අභාවප්‍රාප්ත වෙයි.

ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය.

ඉකුත් 21වැනිදා ඩක්වර්ත්ගේ මරණය සිදුව ඇතැයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 වර්ෂයේ දීය.

එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරන ලද්දේ 2001 වසරේ දීය.

ඔවුන්ගේ දායකත්වය අගයමින්, ඩක්වර්ත් සහ ලුවිස් යන දෙදෙනාම 2010 ජූනි මාසයේදී MBEs (Member of the Order of the British Empire) සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ සම නිර්මාණකරු වන ටෝනි ලුවිස් 2020 වසරේදී මිය ගියේය.

නමුත් 2014 දී DLS ලෙස එම ක්‍රමවේදය නම්කරන ලද්දේ ඔස්ට්‍රේලියානු ජාතික ස්ටර්න් විසින් එම ක්‍රමවේදයට සිදුකළ වෙනස්කම් සමගිනි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *