මටත් සජබ සමඟ ගැටලු තියෙනවා – තිස්ස අත්තනායක
සමගි ජන බලවේග පක්ෂය සමඟ තමන්ට ගැටලු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
තමන් පක්ෂයේ ස්ථාවරයට එකඟ නොවන අවස්ථා ඇති නමුත් පක්ෂ සභාපති සරත් ෆොන්සේකා සේ වගකීම් විරහිතව කටයුතු නොකරන බවද හෙතෙම පැවසීය.
තමන්ට පක්ෂය සම්බන්ධයෙන් ඇති ගැටළු කතා කරන්නේ කළමනාකරණ කමිටුව හෝ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පමණක් බවද ඔහු කියා සිටී.
පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවලදී පක්ෂ නායකත්වය එළිපිට විවේචනය කරමින් සරත් ෆොන්සේකා මහතා සිදු කරන ක්‍රියාවන් අනුමත නොකරන බව ද ඔහු පවසයි.
රාජිත සේනාරත්න මහතාත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියත් යම් යම් කාරණා සම්බන්ධයෙන් වෙනස් ස්ථාවරයක සිටින බව පෙනෙන්නට තිබුනත් ඔවුන් සමඟ ද කිසිදු ගැටළුවක් නැති බවද හෙතෙම සඳහන් කළේය.
මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

