Latestවිදේශීය

සියවසේ දැවැන්තම ඛේදවාචකය – ගාසා ළමුන් 21000ක් අතුරුදන්

ගාසා තීරයේ ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන Save the Children ප්‍රකාශ කරයි.

ඔවුන් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ, අතුරුදහන් වූ දහස් ගණන් පලස්තීන දරුවන් සුන්බුන් යට සිරවී හෝ ඊශ්‍රායල හමුදා විසින් රඳවා තබා ඇති බවටය.

ඊශ්‍රායලය විසින් ඔක්තෝම්බර් 7 වැනිදා සිට ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් ළමුන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර අනෙක් පිරිස දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මෙම වසර මුලදී වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරය නොනවතින ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇති අතර එමඟින් ළමුන් දහස් ගණනක් ඇතුළුව 37,000 කට අධික පිරිසක් මිය ගොස් ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *