කොළඹ ගංවතුර ඇතිවෙන්නේ ඇයි?
කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව මෙම ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.
සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු හඳුනා ගෙන ඊට විසඳුම් සෙවීම සඳහා රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.
පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම ප්‍රදේශවල දේශපාලන නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත්, ස්වභාවික හේතූන් මෙන්ම අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් ද ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇති බව හඳුනා ගත් බවත් සාගල රත්නායක මහතා පැවසීය.
ඒ අනුව ඉදිරියේදී නැවත එවැනි ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඒ.සී.එම්. නෆීල් යන මහත්වරුන්, අදාළ ආයතන ප්‍රධානීන් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගං වතුර තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

