Latestවිදේශීය

ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ රුසියාව නැවතත් ගැටුමක

(විමුක්ති එස් රුද්‍රිගු)


හිටපු රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ මාණ්ඩලික ප්‍රධානී සාමාන්‍ය වැලරි ජෙරසිමොව් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඔවුන්ට එල්ල වී ඇති ජාත්‍යන්තර අපරාධ, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය සර්ගෙයි ෂොයිගු සහ වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කළේය. මොවුන් දෙදෙනා සිවිලි ගොඩනැගිලි වෙත ප්‍රහාර එල්ල කිරීමට, සිවිල් ගොඩනැගිලිවලට හානි කිරීමට සහ සිවිලි වැසියන්ට හානි කිරීමට වගකිව යුතු බවත් ඒවා යුද අපරාධ බවත් වරෙන්තු නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම වරෙන්තුව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ෂොයිගුගේ නායකත්වයෙන් යුත් රුසියානු ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට රුසියාව තුළ අධිකරණ බලයක් නොමැති බවත් ඒ හේතුවෙන් නිකුත් කළ වරෙන්තුවලද කිසිඳු වගකීමක් නොමැති බවත්ය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *