චීන පිලිපීන නාවික ගැටුම ජාත්‍යන්තරය උණුසුම් කරයි
දකුණු චීන මුහුදේදී පිලිපීන නාවික හමුදා යාත්‍රාවලින් චීන වෙරළාරක්ෂක හමුදාව විසින් පැහැරගත් අවිආයුධ ආපසු බාර දෙන ලෙසත්, හානි සිදුවූ යාත්‍රාවලට වන්දි ගෙවන ලෙසත් පිලිපීනයේ හමුදා ප්‍රධානි චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිලිපීන නාවික හමුදාවේ යාත්‍රා දෙකකින් එම මුහුදු සීමාවේ පිහිටි පිලිපීනයට අයත් තෝමස් දූපතට ආහාර, අවිආයුධ ඇතුළු වෙනත් සැපයුම් රැගෙන යමින් සිටියදී පිහි, පොලු රැගෙන බෝට්ටු අටකින් පැමිණි චීන වෙරළාරක්ෂක හමුදා සෙබළුන් විසින් එම පැහැර ගැනීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එහිදී ඔවුන් පිලිපීන නාවික හමුදා සෙබළුන්ට පහරදී ඇතැයි ද, එක් සෙබළකු තුවාල ලබා ඇතැයි ද එරට හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් පිලිපීන සන්නද්ධ හමුදාවේ ප්‍රධානි ජෙනරාල් රොමියෝ බ්‍රෙව්නර් සඳහන් කර ඇත්තේ තුවාල ලැබූ නාවික හමුදා සෙබළාට පදක්කමක් පැලඳූ බවය. නීතිවිරෝධී ලෙස පිලිපීන හමුදා යාත්‍රාවලට ගොඩ වැදී ආයුධ පැහැර ගැනීම මුහුදු කොල්ලකරුවන් හා සමාන හැසිරීමක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

