Latestවිදේශීය

බස් දුම්රිය ගැටුමෙන් හයදෙනෙකු ජීවිතක්ෂයට

ස්ලොවේකියාවේ, මගී බස් රියක් සහ මගී දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. දුම්රියේ ගැටුණු බස් රථය පොඩි පටට්ම් වූ බව පැවැසෙයි.

මියගිය හය දෙනාම බස් රියේ සිටි මගීන්ය. බස්රියේ රියදුරු සහ දුම්රිය රියදුරු බරපතල තුවාල ලැබූ අතර දුම්රිය රියදුරුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව තුවාල තුවාල ලැබූවන් ගණන 5 කි. බස් රියේ හැපුණු දුම්රිය ඇන්ජිම ගිනි ගත් අතර, රියදුරු ගින්නට හසුවී පිළිස්සුම් තුවාල ලැබූ බව වෛද්‍ය ආධාරකරුවෝ පැවැසූහ.

දුම්රිය ධාවනය වෙද්දී බස් රිය දුම්රිය හරස් මාර්ගයක් පසු කරද්දී එය දුම්රියේ ගැටී ඇත. හරස් මාර්ගයේ ගේට්ටු වැසී නොතිබුණු බවත්, අනතුරු සංඥා පද්ධතිය එම අවස්ථාවේදී බිඳ වැටී තිබුණු බවත් පැවැසෙයි. ඒ, ඊට පෙර දිග එම ප්‍රදේශයට බලපෑ කුණාටුවක් හේතුවෙනි.

ස්ලොවේකියාව යනු යුරෝපා රටකි. අනතුර සිදුවූයේ බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝ මීටර් 80 ක් දුරින් නෝවා සැම්කී නගරය අසලදීය. අනතුර සිදුවෙද්දී දුම්රියේ සිටි මගීන් ගණන 200 කි.

‘යූරෝසිටී 279’ නමැති මෙම දුම්රිය බ්‍රැටිස්ලාවා අගනුවර පසු කරමින් දේශසීමා හරහා හංගේරියාවේ බුඩපාස්ට් අගනුවර තෙක් ධාවනය වෙමින් තිබුණි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *