Latestදේශීය

අනෝමා තමයි බලවත්

අම්පාර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රී විමලවීර දිසානායක කපා හැරීමට තරම් බලවන්තියක් මතුවී ඇති බව වාර්තා වේ.

පසුගිය දා අම්පාරේ පැවති ඉඩම් ඔප්පු බෙදා දීමේ රනිල් වික්‍රමසිංහ සහභාගී වූ උත්සවයට පැමිණි විමලවීර දිසානායක වෙත ආසනයක් පවා ලබා නොදී කපා හැරීමට අනෝමා ගමගේ ක්‍රියා කර තිබේ. මේ සම්බන්ධයෙන් කෝපයට පත් විමලවීර දිසානායක ආපසු හැරී ගොස් ඇති අතර, වැඩි විස්තර සොයා බැලූ ඔහුට, තමාව කපා හැර ඇත්තේ අනෝමා ගමගේ බව සොයා ගෙන ඒ පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට ප්‍රහාරාත්මක ප්‍රකාශයක් ද කර තිබේ.

එහෙත් කිසිදු මාධ්‍යයක ඒ සම්බන්ධයෙන් පළ නොකිරීමට තරම් අනෝමා ගමගේ බලවත් වී ඇති බව ද දිස්ත්‍රික්කය පුරා ජනාධිපති බලතල අනෝමා ගමගේ සහ දයා ගමගේ විසින් පතුරුවා හරිමින් සිටින බව ද වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *