Latestක්‍රීඩාදේශීය

තරුෂි රන් පදක්කමක් දිනා පැරිස් ඔලිම්පික් දෙසට

(ප්‍රින්ස් ගුණසේකර)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:04.22කින් නිම කළ තරුෂි කරුණාරත්න පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රේණිගත කිරීමවල තව තවත් ඉදිරියට ගොස් සුදුසුකම් ලබා ගැනීමට ආසන්නයේ පසු වේ. ඊයේ දියගම ධාවන පථයේදී කාන්තා මීටර් 800 අවසන් තරගයේදී ඇය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන ‘රෝඩ් ටු ඔලිම්පික් ශ්‍රේණීගත කිරීමට’ තව තවත් ලකුණු එක්කර ගැනීමට සමත් වුවාය.

තරුෂි කරුණාරත්න දැනට ‘රෝඩ් ටු ඔලිම්පික් ශ්‍රේණීගත කිරීමේ’ 47 වැනි ස්ථානයේ පසුවන අතර, ඊයේ දිනයේ තරගය මිනිත්තු 2:03.05කින් නිම කිරීමට සමත් වූයේ නම් එම ශ්‍රේණිගත කිරීමේ 39 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකියාව තිබිණි. කෙසේ වුවද ඇයට මේ 30 වැනිදා කොළඹදී පැවැත්වෙන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ඇති මලල ක්‍රීඩා විශේෂ තේරීම් තරගයට සහභාගිවීමේ තවත් අවස්ථාවක් ඉතිරිව තිබීම අමතර වාසියකි.

ඊයේ දිනයේ කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:04.95කින් නිම කළ නිමාලි ලියනාරච්චිට රිදී පදක්කම හා මිනිත්තු 2:07.55කින් නිම කළ කේ.එස්. ලක්ෂිකා ලෝකඩ පදක්කම දිනා ගත්හ. මේ අතර කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට යාපනයේ එන්. දක්ෂිතා මීටර් 3.72කින් සමත් වූවාය. ඇය විසින් බිඳ දැමූවේ 2022දී සචිනි පෙරේරා මීටර් 3.65කින් තබා තිබූ වාර්තාවය. මීටර් 3ක දක්ෂතාවක් පෙන්වූ යූ.ටී. වික්‍රමසේකර මෙහි රිදී දක්කම හා සී.කේ. කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගත්හ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *