Latestදේශීය

හර්ෂ අගයයි සජිත් පහරදෙයි

චීනය ජපානය ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයට පැමිණීම ගැන සන්තෝෂ වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රටේ ජනතාවට හොඳක් වන්නේ නම් ශ‍්‍රී ලංකා මාතාව පැත්තෙන් පැත්තට ඇදගෙන යාමට සූදානම් නැති බවත් තමන් කුහකයන් නොවන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම ණය ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය අධ්‍යයනය කර ඊට සහාය දීම හෝ නොදීම පිළිබඳව තවදුරටත් තීරණය කරන බවද ඔහු කියා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

මේ අතර එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල උත්සව සභාවක් අමතමින් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළ රටට සෙතක් වන්නේ නම් ඒ සඳහා සහාය දෙන බවයි.

නමුත් හෙළිදරව් වූ කරුණු අනුව ගැටළු සහගත තැන් කිහිපයක් ඇති බවද ඔහු කියා සිටියේය.

මෙතෙක් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය නියමාකාරයෙන් අවසන් කර නැති බවද පැවසූ විපක්ෂ නායකවරයා මෙම ණය ගෙවීමේදී කිසිදු පොලිය කප්පාදුවක් සිදු කර නැති බවත් පොලියටත් පොලියක් එකතු කර ඇති බවත් ඔහු පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *