ෆින්ලන්තයේදී හිරුණි ඝාතනය කරයි
(විමුක්ති එස් රුද්‍රිගු)
ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය.
එම මහල් නිවාසයේදී මියගොස් ඇත්තේ හිරුණිගේ නදර්න් ලයිෆ් නම් යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන හිරුණි නම් ලාංකික කාන්තාවක බවත් ඇය තිදරු මවක බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
මරණය පිළිබඳ එම මහල් නිවාසයේම ජීවත්වූ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවත් දෙදෙනා අතර නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී බහින් බස් වීමක් උත්සන්නවී සැකකරු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පැවැසුවේය. පසුගිය 19 වැනිදා රාත්‍රි 8 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව ද ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත ප්‍රකාශ කළේය.
පොලිසිය ලැබූ තොරතුරක් මත අපරාධය සිදුවූ ස්ථානයට පොලිසිය සහ ප්‍රථමාධාරකරුවන් ගොස් ඇති බවත් ප්‍රථමාධාර ලබා දුන්නත් වින්දිතයා බේරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත සඳහන් කළේය. එසේම වැන්ටා පොලිසිය ඝාතනයක් ලෙස සළකා මෙම මරණය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවත් තවමත් මූලික විමර්ශන සිදුවන බැවින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවයන් වැන්ටා පොලිසිය හෙළි නොකළ බව ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පෙන්වා දුන්නේය.
මරණය සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ශ්‍රී ලාංකික කාන්තාවගේ සැමියා බවද සමාජ මධ්‍යයේ සටහන් විය.

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

