Latestදේශීය

සජබෙන් 25ක් අරන් පෙන්වන්න – පොහොට්ටුවෙන් රනිල්ට දන්වයි

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇත.

එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයාට දන්වා ඇත.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකු සමග පසුගිය සතියේද සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වයට දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිට කැමැත්ත පළකර සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එසේ සම්බන්ධවීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *