Latestදේශීය

මැතිවරණයට සූදානම

මැතිවරණයක් කැදවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කරයි

එළැඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිදා නිවේදනය කළේය.

ඒ අනුව ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම, නියමිත කාලසීමාව තුළ සිදු කරන බවත් එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කර සිටියේය.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් සදහන් කරන්නේ, එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *