තවත් ගල්අඟුරු නැවක් රතු මුහුදේ ගිල්වයි
ග්‍රීසියට අයත් ගල්අඟුරු නෞකාවකට එල්ල වූ හවුති ප්‍රහාරයෙන් සතියකට පසු රතු මුහුදේ ගිලී ගිය බව බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය ජූනි මස 12 වැනිදා හවුති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සහ දුරස්ථ පාලකයකින් හසුරුවන පුපුරන ද්‍රව්‍ය පැටවූ බෝට්ටුවක් එම නෞකාවේ ගැටී පුපුරුවා හැරීමට සැලැස්වීමෙන් නෞකාව ගිනිබත් වූ බව වාර්තා වේ.
ගල්අඟුරු නෞකාව පිපිරී ගිනි ගැනීමෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අමෙරිකානු හමුදාව විසින් බේරා ගනු ලැබීය. එහෙත් ඒ මොහොතේ නෞකාවේ යාන්ත්‍රික කුටියේ සිටි සාමාජිකයකු අතුරුදන් වී තිබිණි.
හවුති ප්‍රහාරයෙන් රතු මුහුදේදී ගිලී ගිය දෙවැනි නෞකාව මෙය වන අතර, මීට පෙර පසුගිය මාර්තුවේදී බ්‍රිතාන්‍යයට අයත් ටොන් 41,000කගෙන් සමන්විත පොහොර නෞකාවක් හවුති ප්‍රහාරයෙන් සති දෙකකට පසු රතු මුහුදේ ගිලී ගොස් තිබිණි.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

