Latestදේශීය

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. නව මිළ සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 11 කින් අඩු කර ඇති අතර එහි නව මිළ සටහන් වන්නේ රු.344.00 ක් ලෙසයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 41 කින් අඩු කර ඇත.එහි සංශෝධිත මිළ රුපියල් 379.00 ක් ලෙස සටහන් වෙයි.

මේ අතර ලංකා සුපිරි ඩිසල් ලීටරයක් රුපියල් 22 කින් මිළ පහළ දමා ඇත.එහි නව මිළ 355.00 ක් ලෙස සටහන් වෙයි. කෙසේ වෙතත් ලංකා සුදු ඩීසල් සහ භුමිතෙල් මිළහි සංශෝධනයක් සිදු නොවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *