ඉරාන ජනාධිපතිවරණයේ බහුතරය කිසිවෙකුටත් නැහැ
ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්රාහිම් රයිසි මාරාන්තික හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එරට පැවැති හදිසි ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයකුට බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකිවීම හේතුවෙන් දෙවැනි වටයේ ඡන්ද විමසීම 5 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1979 ඉරාන විප්ලවයෙන් පසු එරට මැතිවරණයක් දෙවැනි වටය දක්වා ඇදී ගිය පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය ජූනි 28 වැනිදා පැවැති ඉරාන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සිව්දෙනා අතුරින් දෙදෙනකු ඉදිරියට පැමිණීමට සමත් වූවද, ඡන්ද භාවිතය වාර්තාගත අයුරින් පහළ වැටීම හේතුවෙන් බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි වූ බව වාර්තා වේ. ඒ අනුව ලබන 5 වැනිදා ඡන්ද විමසීම සිදු වන්නේ පළමු වටයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අපේක්ෂකයන් දෙදෙනා අතර බව ද වාර්තා වේ. මිලියන 61කට වැඩි ඡන්දදායකයන් පිරිසක් අතුරින් ඡන්දය භාවිත කර ඇත්තේ 40%ක ප්‍රමාණයක් බව ද වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

