නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 3ක්
උතුරු නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ ස්ථාන 3කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාවක් එල්ල වීමෙන් පුද්ගලයන් 18 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 43 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විවාහ උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා එම ප්‍රහාරමාලාව සිදුවී ඇති අතර, එය මරාගෙන මැරෙන බෝම්බකාරිනියන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයක් බව එරට පොලිසිය සැක පහළ කර තිබේ. මිය ගිය පිරිස අතර දරුවන් හා ගැබිනි කාන්තාවන් ද සිටින බව නයිජීරියානු පොලිසිය ප්‍රකාශ කර ඇත.
බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාර ගෙන නැති අතර, මීට පෙර එවැනි ප්‍රහාර සිදු කර ඇති නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන බටහිර අප්‍රිකානු ප්‍රාන්ත ත්‍රස්තවාදී සංවිධානය විසින් මේ ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවට එරට ආරක්ෂක අංශ අනුමාන කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

