වැඩබලන නීතිපති පාරින්ද රණසිංහ දිවුරුම් දීම අද
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (01) වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ය.
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහායි මොහු පත්කර ඇත්තේ.හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවස්ථා දෙකකදීම නිර්දේශ කර තිබූ නමුත් ව්‍යවස්ථා සභාව එම නිර්දේශය ප්‍රතික්ෂේප කර තිබු බව සදහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

