ඖෂධ සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක්
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාලව විනිවිදබාවය සහ සාධාරණත්වය සහතික කිරීම මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේ අරමුණ බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ආකාර දෙකක් යටතේ හඳුන්වා දී ඇති මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේදී ඖෂධ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් භාවිතා වන මිල ගණන් , තොරතුරු හා මූලාශ්‍ර භාවිතා කළ යුතු බවද ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා පනවා ඇති නියෝගවල සඳහන් වේ.
(ජේ.ඉඳුරුවගේ)
lankadeepa.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

