Latestදේශීය

කන්චනගේ කතාවේ චෝදනාව රනිල්ට

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක රැලියේදී ඔහුගේ ක්‍රියා විවේචනය කෙරෙන ප්‍රකාශ ගණනාවක් සිදු කර තිබේ.

ඒ අතරින් විශේෂ ම අවධානයක් විදුලිබල ඇමති කංචන විජේසේකරගේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත. මාතරදී පවත්වන ලද රැලියේ සම සංවිධායකයන් ලෙස සිටිමින් කංචන විජේසේකර අදාළ ප්‍රකාශය කර තිබීම විශේෂත්වයකි.

“මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයින් නොවෙයි“ යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට සහල් බෙදීම, ඉඩම් ඔප්පු බෙදීම, නිවාස ඔප්පු බෙදීම ඇතුළු ප්‍රචාරක ව්‍යාපාර රැසක් රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් සිදු කරමින් සිටින්නේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. එමෙන් ම කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවේ රට බේරා ගැනීමට තමන් ඉදිරිපත් වූයේ යැයි කයිවාරු ගසමින් සිටින්නේ ද රනිල් වික්‍රමසිංහ ය. 2022 ජූලි 20 වෙනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති තෝරා පත් කර ගත් අවස්ථාවේ පොහොට්ටුව ප්‍රමුඛ මන්ත්‍රීවරු විසින් ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙසින් තෝරා පත්කර ගනු ලැබීය.

රට බංකොලොත් බවෙන් මුදවා ගත්තේ යැයි දෙවන වරටත් උත්සව පවත්වමින් කයිවාරු ගසමින් සිටින්නේ ඔහු වන අතර විදේශ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5ක් බව ප්‍රකාශ කළ ද, ගෙවී ගිය කාලය තුළ විදේශ ණය වාරික ගෙවීම අත්හිටුවීමෙන් පමණක් එකතු වී ඇති ණය වාරික සහ පොලී ප්‍රමාණය පසුගිය ජූනි අවසන් වනවිට ඩොලර් බිලියන 8.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?