Latestදේශීය

ඩෙවෝන් 5 යාත්‍රාවේ අසාධ්‍ය ධීවරයා හම්බන්තොට මහ රෝහලට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව මඟින් ඩෙවෝන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි ධීවරයා ඊයේ (01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ආ පසු එම ධීවරයාව ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව සඳහන්.

පසුගිය 06 වනදා තංගල්ල ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ධීවර කටයුතු සඳහා ධීවරයන් 06 දෙනෙකු සමග ඩෙවෝන් 5 යාත්‍රාව පිටත් වූ අතර ඔවුන් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් මත්පැන් බව යැයි සිතා පානය කර රෝගී වුණා.

එහිදී ධීවරයින් හය දෙනාගෙන් සිව්දෙනෙකුම එම යාත්‍රාවේදී මියගොස් තිබුණා.

අනෙක් ධීවරයින් දෙදෙනා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මඟින් මුදවාගැනීමට කටයුතු කළ අතර එහි සිටියදී තවත් ධීවරයෙකු මියගොස් තිබුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *