Latestදේශීය

වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්‍රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

ඒ අනුව පුද්ගලික ජංගම දුරකථනයෙන් සිදු කරන සියලු රාජකාරී කටයුතු නතර කිරීම, ප්‍රවාහන පහසුකම් හෝ දීමනා නොලැබෙන කිසිඳු වැඩසටහනකට රාජකාරී ස්ථානයෙන් බැහැරට නොයෑම ඇතුලු  ක්‍රියාමාර්ග රැසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත බව සදහන්.

මේ අතර, අද පාසල් වේලාවෙන් පසුව, දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ , පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයට පහර දීමට විරෝධය පළ කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?