Latestදේශීය

17ට කලින් ශ්‍රීලනිප බලය අත්පත් කරගන්නවා – චන්ද්‍රිකා බන්ඩාරනායක

මේ වනවිට කෑලි කිහිපයකට කැඩී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය නැවත ලබා ගැනීමට චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග සූදානම් වන බව ප්‍රකාශ කර තිබේ.

අද (02) නිකුත් කරන ලද තිනකුරල් පුවත්පත මේ සම්බන්ධ ප්‍රවෘත්තිය පළ කර තිබිණි. චන්ද්‍රිකා බන්ඩාරනායක වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මෙම මස 17 වනදාට පෙර තමන් පක්ෂයේ බලය අත්පත් කර ගන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල කොටසක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ සමඟ එක්වී කටයුතු කරමින් සිටී.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති සහ චන්ද්‍රිකා කුමාරතුංග අතර දරුණු එදිරිවාරිකම් මතුවීමෙන් පසුව වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ සිටිමින් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ගැනීමට උත්සාහ දැරීය. එය මේ වනවිට අධිකරණය හමුවේ දිග හැරී ඇති බල අරගලයක් වී තිබෙන අතර චන්ද්‍රිකා බන්ඩාරනායක නැවත තමන් වෙත එහි බලය අත්පත් කර ගැනීමට මේ ලෙස ක්‍රියා කරමින් සිටින්නී ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?