Latestදේශීය

කෙහෙළිය නැවතත් බන්ධනාගාරයට

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනා අනුව අත්තඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අනුව, ඔහු ලබන අගෝස්තු 01 වෙනි දින දක්වා නැවත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුන් මිලදී ගැනීමේදී කැබිනට් මණ්ඩලයට සාවද්‍ය තොරතුරු සපයා ඇති බව නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දී තිබිණි.

කෙහෙළිය රඹුක්වැල්ල ඇප අයදුම් කර මේ වනවිට මාසයකට වැඩි කාලයක් ගත වී ඇත. ඒ පිළිබඳ තීන්දුව අද ලබාදීමට නියමිතව තිබූ අතර ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ලබන අගෝස්තු 01 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *