වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය ක්රියාමාර්ගයක
ශ්රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
දුරකථන දීමනාව ලබා නොදීම, විදුහල්පති දීමනාව සියලු ශ්රේණිධාරීන්ට ලබා නොදීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය ආරම්භ කර තිබේ.
ඒ අනුව පුද්ගලික ජංගම දුරකථනයෙන් සිදු කරන සියලු රාජකාරී කටයුතු නතර කිරීම, ප්රවාහන පහසුකම් හෝ දීමනා නොලැබෙන කිසිඳු වැඩසටහනකට රාජකාරී ස්ථානයෙන් බැහැරට නොයෑම ඇතුලු ක්රියාමාර්ග රැසක් මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයට ඇතුළත බව සදහන්.
මේ අතර, අද පාසල් වේලාවෙන් පසුව, දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ , පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයට පහර දීමට විරෝධය පළ කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

