ඩව් යාත්‍රා 04 ක් සමඟ ඉන්දීය ධීවරයින් 25 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගියදා (01) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ඩව් යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) නාවික හමුදා භාරයටගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, අද දින (2024 ජුලි 01) අළුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයේ වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් යොදවා සිදු කෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

