Latestදේශීය

ආගමික උත්සවයකදි තෙරපීමක් – සියයකට වැඩි පිරිසකට ඡීවිත අහිමිවෙයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් ළමුන් ඇතුළු 100 වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ආගමික උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවර පිටවීමට උත්සාහ කිරීමේ දී මෙම තදබදය ඇති ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත මහ ඇමති ආදිත්‍යනාත් සදහන් කර ඇත්තේ මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 02ක වන්දියක් ලබාදෙන බවයි.එමෙන්ම, තුවාල වු පිරිසට රු 50,000ක මුදලක් ද ලබාදෙන බව ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මියගිය පිරිස වෙනුවෙන් ඉන්දීය බලධාරීන් ශෝකය පළ කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *