ආර්. සම්බන්ධන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට
හිටපු විපක්ෂ නායකවරයකු සහ පක්ෂ නායකවරයකු වූ අභාවප්රාප්ත පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත අද (03) පස්වරු 2.00ට ගෙන ඒමට තීරණය කර ඇත.
ඒ අනුව දේහය පස්වරු 02.00 සිට 04.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ තැන්පත් කර තිබේ.
කථානායක මහින්ද යාපා මහතාගේ ප්රධානත්වයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේද සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (01) පැවැති පාර්ලිමේන්තු කටයුතු සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
අභාවප්රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ අවසන් කටයුතු ත්රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පහසුකම් සැපයීමේ කටයුතු සඳහා සියලු උපදෙස්, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන් වෙත ලබා දී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ නායක ත්රිකුණාමලය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්බන්ධන් මහතා මියයන විට අනූ එක්වන වියේ පසුවිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටිය දී පෙරේදා (31) රාත්රීයේදී ඒ මහතා අභාවප්රාප්ත විය. ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන යාමට පෙර බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත වේ. දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ඒ මහතාගේ උපන් ගම වන ත්රිකුණාමලයට රැගෙන යන අතර අවසන් කටයුතු ඉරිදා එහිදී සිදුකිරීමට නියමිත වේ.