Latestදේශීය

මහින්ද, මහින්ද අත හරී – රනිල් අත අල්ලයි

කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.

පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කහදගම මහතා ඉතා සමීපව කටයුතු කලේය.

පසුගිය අරගල සමයේ ගාලු මුවදොර ගැටුමේදී සිදු වූ පහරදීමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් ඔහු සමාජ ජාලවල ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *