Latestදේශීය

මාදම්පේ බිහිසුනු බස්රථ අනතුර

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී අද (04) උදෑසන බිහිසුණු අනතුරක් සිදු වී තිබෙයි.

දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි.

මෙම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා  ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතරින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අනතුරින් බස් රථයේ බද කොටසට දැඩි හානි සිදුව තිබෙයි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *