Latestදේශීය

රේගුව ලෙඩවෙයි

(ටී.කේ.ජී.කපිල)

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත මහතා ප්‍රකාශ කර සිටියේය .

එහෙත් මෙම වෘත්තීය සමිති විරෝධතා ක්‍රියාමාර්ගය මහජනතාවට ඍජුව සේවා සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ , කොළඹ වරාය , ගාල්ල වරාය වැනි ආයතන තුළ ක්‍රියාත්මක නොකරන බව ගීතාංජන මඩපාත මහතා පැවසීය .

ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා ,මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කීපයක් සංශෝධන කිරීමට රජය පියවර ගනිමින් සිටීම මෙම රේගු නිලධාරීන්ගේ පළමු ඉල්ලීම වී තිබේ .

එම නිලධාරීන්ගේ දෙවන ඉල්ලීම වන්නේ රේගු දෙපාර්තමේන්තුව , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කර ගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නැමැති පෞද්ගලික ආයතනයකට පැවරීමේ රජයේ උත්සාහය පරාජය කිරීම වේ .

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *