Latestදේශීය

අයිතිකරුවෙක් නැති මෝටර් රථයක් කටුනායක ගුවන්තොටුපොළේ

දීර්ඝ කාළයක් හිමිකරුවෙකු නොමැතිව කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද (04)  දින දහවල්  රැගෙන ගොස් තිබේ .

SP KM- 8179 දරන   නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් 05/29 දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණි .

මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෙලේගේ මායා සුදේශිකා නැමැති කාන්තාවකට අයිති බවත් දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය අද  දින දහවල් 12.30 ට පමණ රැගෙන ගොස් තිබේ .

මෙම මෝටර් රථය මාසයකට අධික කාළයක් මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ අයිතිකරුවෙකු නොමැතිව නවතා තිබූ අතර මේ පිළිබඳ කටුනායක ගුවන් බලධාරීන් මෙන්ම ගුවන් තොටුපොළ පොලිසිය ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *